Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විස්සයි 20 ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් අතර වාර්තාගත ත්‍යාග මුදලක් බෙදාදීමට අයිසීසියෙන් තීරණයක්! හිමිවන මුදල මෙන්න!

2 years ago

ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිරිනැමෙන ත්‍යාග මුදල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 11.25ක් හෙවත් මෙරට මුදලින් රුපියල් කෝටි 339ක වාර්තාගත ත්‍යාග මුදලක් කණ්ඩායම් අතරේ බෙදා දීමටයි අයි.සී.සී.ය තීරණය කර තිබෙන්නේ.

මේ පිළිබඳව ඔවුන් නිකුත් කළ නිවේදනයට අනුව මෙවර ලෝක ශූරයින්ට ඩොලර් මිලියන 2.45ක් හෙවත් රුපියල් කෝටි 20.45ක මුදලක් ප්‍රධානය කරනු ලබයි.

එය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ලෝක ශූර කණ්ඩායමකට ප්‍රධානය කරනු ලබන දැවැන්තම ත්‍යාග මුදල වෙයි.

ඊට අමතරව අනුශූරයන් සඳහා ඩොලර් මිලියන 1.28ක් ලබාදෙන අතර, අවසන් පූර්ව වටයෙන් පරාජයට පත්වන කණ්ඩායම් ද්විත්වයට ඩොලර් 787,500 බැගින් ලබාදෙනු ලබයි.

එමෙන්ම දෙවැනි වටයෙන් ඉදිරියට නොයන කණ්ඩායම්වලට ඩොලර් 382,500 බැගින් හිමිවෙයි.

මෙහි 09වැනි සහ 12වැනි ස්ථාන අතර ස්ථානයක් හිමිකරගන්නා කණ්ඩායම්වලටද ඩොලර් 247,500 බැගින් ලබාදීමට තීරණය කර ඇත.

තවද 13වැනි ස්ථානයේ සිට 20වැනි ස්ථානය අතර ස්ථානයකට පත්වන කණ්ඩායම්වලටද ඩොලර් 225,000 බැගින් ප්‍රධානය කරනු ලබයි.

මීට අමතරව අවසන් පූර්ව වට සහ අවසන් තරගය හැර අනෙකුත් සෑම ජයග්‍රහණයකටම අමතර ඩොලර් 31,154ක මුදලක් ලබාදීමටද අයි.සී.සී.ය තීරණය කර තිබීම විශේෂත්වයක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *