ඉකුත් ජුලි 8 සහ 9 යන දෙදින තුළ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ඊයේ (09) හිමි වුණා.
ඒ අනුව එම දින දෙක තුළ සේවයට වාර්තා කළ 3 වැනි ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525ක වැටුප් වර්ධකයකුත්, 2 වැනි ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රුපියල් 1335ක වැටුප් වර්ධකයකුත් හා පළමුවැනි ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 1630ක වැටුප් වර්ධකයකුත් වශයෙන් ලබා දීම කෙරෙහි කැබිනට් අනුමැතිය හිමි වූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම වැටුප් වර්ධක විශ්‍රාම වැටුපට බල නොපාන ලෙස ලැබෙන බවයි.
එමෙන්ම ලබා දෙන ප්‍රශංසා සහතික අදාළ දිනවල රාජකාරි සඳහා වාර්තා කළ රාජ්‍ය සේවකයන්ගේ පුද්ගලික ලිපිගොනු වෙත ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළා.
සියලුම ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
වැඩ වර්ජන වළක්වන්න අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්‍රේත්‍ර සඳහා නව නීතියක්



ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට
නාවික හමුදාපති කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට
පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු ගැන ගත් තීරණයක්
Whatsapp අලුත් වෙයි! ඔබේ දුරකථන අංකය වෙනත් අයගෙන් සඟවන්නට අවස්ථාවක්!
MR. කොත්තු අත්අඩංගුවට
අද වැසි වැටෙන ප්‍රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
වෙනිසියුලා භූකම්පනයෙන් පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝ බිරිඳ සහ දරුවන්ගේ දිවි අහිමි වෙයි
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?
ප්‍රබල ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්! ඉදිරිපත් නොකළ රජයේ සේවකයින්ට හෙට සිට දඩ!
පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි