අධ්‍යාපන, සෞඛ්‍ය වැනි සේවා සඳහා නව නීතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අවදානය යොමු වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සේවාවල රාජ්‍ය සේවකයින් වර්ජන සිදු කිරීම මගින් සිදුවන මූලික මිනිස් අවශ්‍යතා කඩවීමට එරෙහිව මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව, නව නීති සම්පාදනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හට බලය පවරා තිබෙනවා.
ඊයේ පැවති ගුරු වර්ජනය හේතුවෙන් දරුවන් විශාල පිරිසකට අධ්‍යාපනයේ අයිතිය අහිමි වී ගිය බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
වර්ජනය මැද වැඩට ආ ගුරුවරුන්ට වැටුප් වර්ධකයක්! ශ්‍රේණි අනුව ලැබෙන වැටුප් වැඩිවීම මෙන්න!
සියලුම ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
