Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රබල මුස්ලිම් පක්ෂයක් ජනපති රනිල්ට සහය දීමට තීරණය කරයි

2 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

එම කොංග්‍රසයේ ජාතික සංවිධායක වෛද්‍ය වයි.එස්.මොහොමඩ් ෂියා පවසන්නේ පසුගිය මැතිවරණ කිහිපයකදීම තම පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය පළ කර තිබූ අතර අරගලෙයන් පසුව රට භාරගැනීමට ඉදිරිපත් වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බැවින් තම පක්ෂයේ සහය ඔහුට ලබා දීමට තීරණය කළ බවයි.

තම පක්ෂයේ තීරණය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික කොංග්‍රසය පසුහිය මහ මැතිවරණයේදී අම්පාර දිස්ත්‍රික්කය සඳහා තනිව තරග වැදුණු අතර ඔවුන් ඡන්ද 38,911ක් හිමි කර ගනිමින් මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *