කාන්තාවකගෙන් පුරුෂයෙකුට සිදුවන ලිංගික අතවර සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.
එහි මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 වන වගන්තියට චෝදනා ගොනු කළ හැකි බවයි.
අදාළ වරද සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ස්ත්‍රී, පුරුෂ ලෙස කිසිදු වෙන් කිරීමක් සිදුකර නොමැති බව ද පොලිසිය පෙන්වා දෙනවා.
ඒ හේතුවෙන් එම නිසා පුරුෂයෙකු හෝ පිරිමි දරුවෙකු වන යම් ලිංගික හිරිහැරයකට බලහත්කාරයෙන් ලක්වුව හොත් නොපැකිලිව ළඟම පොලිස් ස්ථානය වෙත පැමිණිලි කළ හැකියි.
සමාජයේ වාර්තා වන සිදුවීම් නිරීක්ෂණය කළ විට බාල වයස්කාර පිරිමි දරුවන් වැඩිහිටි කාන්තාවන් අතින් අතවරයට ලක්වූ අවස්ථා පොලිස් ස්ථාන වෙත වාර්තා වී තිබෙනවා.
දරුවන් පමණක් නොව වැඩිහිටි පුරුෂයෙකු වුවද තමන්ගේ අකමැත්තෙන් යම්කිසි කාන්තාවකගෙන් ලිංගික අතවරයට ලක් වූයේ නම් එයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය එම තැනැත්තා සතුව පවතින බවයි, පොලිසිය සඳහන් කළේ.



අද වැසි වැටෙන ප්‍රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?
ප්‍රබල ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්! ඉදිරිපත් නොකළ රජයේ සේවකයින්ට හෙට සිට දඩ!
පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්