2015 වර්ෂයේ දී 5 ශ්‍රේණිය සඳහා දරුවෙකු ගම්පහ ප්‍රධාන විද්‍යාලයකට ඇතුළත් කිරීමේ චේතනාව ඇතිව තම විද්‍යාලයට ඇතුළත් කරගත් විදුහල්පතිවරයෙක්ට අධිකරණය විසින් වසර 3ක සිරදඬුවමක් නියමකර ඇත.
දූෂණය යන චෝදනාව යටතේ මෙම විදුහල්පතිවරයාට විරුද්ධව අධිචෝදනා ගොණු කර තිබුණි.
මෙම විදුහල්පතිවරයා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ නිසි අනුමැතියකින් තොරව දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළත් කරවීමේ චේතනාවෙන් තම විද්‍යාලයට ඇතුළත් කරගැනීම සිදුකර ඇති බව විමර්ශනයේ දී තහවුරු වී ඇත.
අදාළ විදුහල්පතිවරයා අධිකරණය ඉදිරියේදී සිය වරද පිළිගෙන තිබේ.
එම කරුණු සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය විසින් අදාළ විදුහල්පතිවරයා වසර 03ක ලිහිල් සිර දඬුවමක් නියම කරන ලදී.
එමෙන්ම ඒ සඳහා අත්හිටුවීමේ නියෝගයක් නිකුත් නොකිරීම විශේෂත්වයක්.
එමෙන්ම වැඩිදුරටත් දඬුවම් වශයෙන් රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අතර, එය නොගෙවන්නේ නම් මාස 03ක ලිහිල් සිර දඬුවම් නියම කළේය.

අද වැසි වැටෙන ප්‍රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?
ප්‍රබල ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්! ඉදිරිපත් නොකළ රජයේ සේවකයින්ට හෙට සිට දඩ!
පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්