Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ටීචර් අම්මාට තවත් ලෙඩක් වැටෙයි! පහර කෑ තරුණයා අධිකරණයේ පිහිට පතයි!

10 months ago

උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ ගෙන්  පහර කෑ බව කියන තරුණයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමුකර ඇත.

මෙම ගුරුවරිය විසින් කළ පැමිණිල්ලකට අනුව තමන්ව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම තුළින් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අදාළ තරුණයා මෙම පෙත්සම යොමුකර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම සලකාබැලීමට ජනවාරි මස 28වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී දින නියම කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස කටාන පොලීසියේ පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

පෙත්සම්කාර තරුණයා පවසා සිටින්නේ අදාළ ගුරුවරියගේ හිමිකාරීත්වය ඇති පෞද්ගලික අධ්‍යාපන ආයතනයක තාක්ෂණ නිලධාරියකු තමන් සේවය කළ බවය.

එසේ සේවය කරමින් සිටියදී පරිගණක පුහුණුවක් ලබාදෙන ලෙස පවසා, තරුණියක් එම පුද්ගලික අධ්‍යාපන ආයතනයේ හිමිකාරිය විසින් තමන්ට භාරදුන් බවත් පෙත්සම්කරු පවසා සිටියේය.

මේ ආකාරයෙන් පරිගණක පුහුණුව ලබාදෙන අතරතුර ඉකුත් මැයි මස 6 වනදා එම ස්ථානයට පැමිණි හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය, මුහුණු පොතේ පළකර තිබූ කමෙන්ටුවක් පිළිබඳ විමසමින් තමාට පයින් පහර දුන් බවය.

ඉන් පසුව තවත් පිරිසක් සමග එක්ව අමානුෂික ආකාරයෙන් පහර දුන් බවත් පෙත්සම්කරු චෝදනා කළේය.

පසුව අදාළ තරුණියගේ දෙමව්පියන් කැඳවා ඇයට ලිංගික අතවර සිදුකළ බවට අසත්‍ය චෝදනාවක් ඇය විසින් එල්ල කළ බවත් ඔහු පැවසීය.

අදාළ ආයතනයේ හිමිකාර ගුරුවරියගේ පැමිණිල්ලක් මත පහරදීම හේතුවෙන් රෝහල්ගතව සිටි තමන්ව  ඉකුත් මැයි මස 14 වනදා කටාන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත්, පැය 48ක් ගතවනතුරු තමන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු නොකළ බවත් පෙත්සම්කරු වැඩිදුරටත් චෝදනා කරයි.

සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අනීතික ලෙස රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, ඒ වෙනුවෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන වන්දියක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *