උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ ගෙන් පහර කෑ බව කියන තරුණයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමුකර ඇත.
මෙම ගුරුවරිය විසින් කළ පැමිණිල්ලකට අනුව තමන්ව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම තුළින් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අදාළ තරුණයා මෙම පෙත්සම යොමුකර තිබේ.
ඒ අනුව අදාළ පෙත්සම සලකාබැලීමට ජනවාරි මස 28වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී දින නියම කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස කටාන පොලීසියේ පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.
මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
පෙත්සම්කාර තරුණයා පවසා සිටින්නේ අදාළ ගුරුවරියගේ හිමිකාරීත්වය ඇති පෞද්ගලික අධ්‍යාපන ආයතනයක තාක්ෂණ නිලධාරියකු තමන් සේවය කළ බවය.
එසේ සේවය කරමින් සිටියදී පරිගණක පුහුණුවක් ලබාදෙන ලෙස පවසා, තරුණියක් එම පුද්ගලික අධ්‍යාපන ආයතනයේ හිමිකාරිය විසින් තමන්ට භාරදුන් බවත් පෙත්සම්කරු පවසා සිටියේය.
මේ ආකාරයෙන් පරිගණක පුහුණුව ලබාදෙන අතරතුර ඉකුත් මැයි මස 6 වනදා එම ස්ථානයට පැමිණි හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය, මුහුණු පොතේ පළකර තිබූ කමෙන්ටුවක් පිළිබඳ විමසමින් තමාට පයින් පහර දුන් බවය.
ඉන් පසුව තවත් පිරිසක් සමග එක්ව අමානුෂික ආකාරයෙන් පහර දුන් බවත් පෙත්සම්කරු චෝදනා කළේය.
පසුව අදාළ තරුණියගේ දෙමව්පියන් කැඳවා ඇයට ලිංගික අතවර සිදුකළ බවට අසත්‍ය චෝදනාවක් ඇය විසින් එල්ල කළ බවත් ඔහු පැවසීය.
අදාළ ආයතනයේ හිමිකාර ගුරුවරියගේ පැමිණිල්ලක් මත පහරදීම හේතුවෙන් රෝහල්ගතව සිටි තමන්ව ඉකුත් මැයි මස 14 වනදා කටාන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත්, පැය 48ක් ගතවනතුරු තමන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු නොකළ බවත් පෙත්සම්කරු වැඩිදුරටත් චෝදනා කරයි.
සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අනීතික ලෙස රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, ඒ වෙනුවෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන වන්දියක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටියි.

චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට