Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ෂාරුක් ඛාන්ව බලන්න ටිකට් ගන්න එපා! ජනතාවට වැදගත් දැනුම්දීමක්!

11 months ago

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සහභාගීත්වයෙන් එළඹෙන අගෝස්තු මස 02 වන දින පැවැත්වීමට නියමිත ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශපත් අලෙවි නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් පැතිර යන ව්‍යාජ දැන්වීම්වලට නොරැවටෙන ලෙසත් සංවිධායකයින් මහජනතාවට දැනුම් දෙයි.

මෙම උත්සවය ඉලක්ක කර ගනිමින් ඇතැම් පාර්ශව ව්‍යාජ ප්‍රවේශපත් අලෙවි කිරීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බවද ඔවුහු පවසති.

නිවේදනයක් නිකුත් කරමින් සංවිධායකයින් අවධාරණය කරන්නේ, මෙම සමාරම්භක උත්සවය විශේෂ ආරාධිතයින් සඳහා පමණක් සීමා වූවක් බවයි. ඒ අනුව, කිසිදු තෙවන පාර්ශවයකට මෙම උත්සවය සඳහා ප්‍රවේශපත් නිකුත් කිරීමට, බෙදා හැරීමට හෝ අලෙවි කිරීමට අවසර ලබා දී නොමැති බවයි.

සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් සමාගම් එක්ව ක්‍රියාවට නංවන ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීම සනිටුහන් කරයි.

මෙම ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන අතර, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය විසින් මෙතෙක් සිදුකරන ලද දැවැන්තම ආයෝජනයක් ලෙස ද සැලකේ.

එබැවින්, මෙම උත්සවය පිළිබඳව නිල නොවන මූලාශ්‍ර ඔස්සේ පළවන තොරතුරු විශ්වාස කිරීමෙන් වළකින ලෙසත්, යම් ගැටලුවක් පවතින්නේ නම් ‘City of Dreams Sri Lanka’ හි නිල සන්නිවේදන මාර්ග ඔස්සේ පමණක් තොරතුරු විමසන ලෙසත් සංවිධායකයින් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *