බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සහභාගීත්වයෙන් එළඹෙන අගෝස්තු මස 02 වන දින පැවැත්වීමට නියමිත ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශපත් අලෙවි නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් පැතිර යන ව්‍යාජ දැන්වීම්වලට නොරැවටෙන ලෙසත් සංවිධායකයින් මහජනතාවට දැනුම් දෙයි.
මෙම උත්සවය ඉලක්ක කර ගනිමින් ඇතැම් පාර්ශව ව්‍යාජ ප්‍රවේශපත් අලෙවි කිරීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බවද ඔවුහු පවසති.
නිවේදනයක් නිකුත් කරමින් සංවිධායකයින් අවධාරණය කරන්නේ, මෙම සමාරම්භක උත්සවය විශේෂ ආරාධිතයින් සඳහා පමණක් සීමා වූවක් බවයි. ඒ අනුව, කිසිදු තෙවන පාර්ශවයකට මෙම උත්සවය සඳහා ප්‍රවේශපත් නිකුත් කිරීමට, බෙදා හැරීමට හෝ අලෙවි කිරීමට අවසර ලබා දී නොමැති බවයි.
සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් සමාගම් එක්ව ක්‍රියාවට නංවන ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීම සනිටුහන් කරයි.
මෙම ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන අතර, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය විසින් මෙතෙක් සිදුකරන ලද දැවැන්තම ආයෝජනයක් ලෙස ද සැලකේ.
එබැවින්, මෙම උත්සවය පිළිබඳව නිල නොවන මූලාශ්‍ර ඔස්සේ පළවන තොරතුරු විශ්වාස කිරීමෙන් වළකින ලෙසත්, යම් ගැටලුවක් පවතින්නේ නම් ‘City of Dreams Sri Lanka’ හි නිල සන්නිවේදන මාර්ග ඔස්සේ පමණක් තොරතුරු විමසන ලෙසත් සංවිධායකයින් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)
රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි
කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට