සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ප්‍රථම වරට හඳුන්වා දුන් ඇප රහිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පිහිට වූ ජාතික ණය සුරැකුම් ආයතනය පසුගිය ජූනි මස 3 වනදා ආරම්භ කළේය.
එම ආයතනයට මේ වන විට අයදුම්පත් දෙසිය පනහක් පමණ ලැබී තිබෙන අතර ඉන් දෙසිය දෙනකුට පමණ දැනටම ණය මුදල ලබා දී තිබෙන බව එම ආයතනයේ උසස් නිළධාරියෙක් පැවසීය.
අයදුම්කර සතියක් ඇතුළත ණය මුදල ලබාදීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් එම නිලධාරියා කීවේය.
මේ යටතේ රුපියල් මිලියන විසිපහක උපරිම ණය මුදලක් ලබා ගත හැකි අතර ණය මුදලින් සියයට හැට හතකට හෙවත් තුනෙන් දෙකකට අදාළව මෙම ආයතනයෙන් ආරක්ෂණයක් ලබා දෙයි.
ඉතිරි ප්‍රමාණයට අදාළව ණය හිමියාගෙන් ආරක්ෂණයක් ලබා ගන්නේ ද යන්න බැංකුව තීරණය කළ යුතු වෙයි.
ණය සුරැකුම් ආයතනය අපේක්ෂා කරන්නේ අයදුම්කරුවන් පන්දහසක් පමණ මෙම වැඩසටහනට එක්වනු ඇති බවයි.


අද වැසි වැටෙන ප්‍රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?
ප්‍රබල ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්! ඉදිරිපත් නොකළ රජයේ සේවකයින්ට හෙට සිට දඩ!
පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්