සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ප්‍රථම වරට හඳුන්වා දුන් ඇප රහිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පිහිට වූ ජාතික ණය සුරැකුම් ආයතනය පසුගිය ජූනි මස 3 වනදා ආරම්භ කළේය.
එම ආයතනයට මේ වන විට අයදුම්පත් දෙසිය පනහක් පමණ ලැබී තිබෙන අතර ඉන් දෙසිය දෙනකුට පමණ දැනටම ණය මුදල ලබා දී තිබෙන බව එම ආයතනයේ උසස් නිළධාරියෙක් පැවසීය.
අයදුම්කර සතියක් ඇතුළත ණය මුදල ලබාදීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් එම නිලධාරියා කීවේය.
මේ යටතේ රුපියල් මිලියන විසිපහක උපරිම ණය මුදලක් ලබා ගත හැකි අතර ණය මුදලින් සියයට හැට හතකට හෙවත් තුනෙන් දෙකකට අදාළව මෙම ආයතනයෙන් ආරක්ෂණයක් ලබා දෙයි.
ඉතිරි ප්‍රමාණයට අදාළව ණය හිමියාගෙන් ආරක්ෂණයක් ලබා ගන්නේ ද යන්න බැංකුව තීරණය කළ යුතු වෙයි.
ණය සුරැකුම් ආයතනය අපේක්ෂා කරන්නේ අයදුම්කරුවන් පන්දහසක් පමණ මෙම වැඩසටහනට එක්වනු ඇති බවයි.


ව්‍යාජ Whatsapp සමූහයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන තොරතුරු හෙළිවෙයි
දැන් ඇල්ල වංගුවෙන් ගුවන්ගත වෙන්න පුළුවන්. අඩි දාහක් පහළින් මෙට්ට දැම්මා නම් සම්පූර්ණයි- වෛද්‍ය පාලිත රාජපක්ෂ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික ශ්‍රේණි කාණ්ඩ කිරීමක්! උගන්වනු ලබන විෂයන් හා පාසල් පවත්වන වේලාව පිළිබඳ තොරතුරු මෙන්න!
සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් තැනැත්තාගෙන් හෙළිදරව්වක්
අද කාලගුණ නිවේදනය
දොඩන්ගොඩදී බිහිසුණු අනතුරක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව ගැසට් නිවේදනයක්
නොච්චියාගම සමූපකාරයේ බලය ගෙඩිය පිටින් මාලිමාවට
ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුමක්
මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ භූ කම්පනයක්