බොරැල්ල කාසල් වීදියේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුළු වී කළමණාකරු ඇතුළු කාන්තාවන් 04 දෙනෙක් බිය ගන්වා ඒ අතර සිටි කාන්තාවන් තිදෙනෙක් දූෂණය කර පළාගිය පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ සේවයේ නිරතව සිට වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාව බොරැල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කොස්තාපල්වරයා 2022 වසරේදී සිය පියාව ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අයෙක් බව පොලිසිය සඳහන් කරනවා.
ඔහුගේ වැඩ තහනම්කර තිබී ඇත්තේ එම සිදුවීම මුල්කරගෙනයි.
මෙම සැකකරු සමඟ පොලිස් විශේෂ කාර්යාංශයේ සේවයේ නිරතව සිටි කොස්තාපල්වරයෙක් සම්බාහන මධ්‍යස්ථානයට ගොස් කාන්තාවන් තිදෙනා දූෂණය කිරීමට සම්බන්ධව ඇතැයි පැවසෙනවා.
සම්බාහන ආයතනයෙන් මේ ගැන බොරැල්ල පොලීසියට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් පැමිණෙන විට එම කොස්තාපල්වරයා සම්බාහන මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ලෙහි ඉහළ මහලෙන් බිමට පැන තිබෙනවා.
එහිදී තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටි.
ඔහුගේ වැඩ තහනම් කිරීමට පොලිස් විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා පියවර ගෙන තිබෙනවා.
(source – hiru news)

සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්
බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 550ක්
2027 සිට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක්
සබරගමුව පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්
අද ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
සරණ ගුණවර්ධනට බන්ධනාගාර රෝහලේ දොර වැසෙයි! පුස්තකාල සේවයට යොදවයි!