Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

‍සම්බාහන මධ්‍යස්ථානයකට පැන කාන්තාවන් තිදෙනෙක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

10 months ago

බොරැල්ල කාසල් වීදියේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුළු වී කළමණාකරු ඇතුළු කාන්තාවන් 04 දෙනෙක් බිය ගන්වා ඒ අතර සිටි කාන්තාවන් තිදෙනෙක් දූෂණය කර පළාගිය  පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ සේවයේ නිරතව සිට වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාව බොරැල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කොස්තාපල්වරයා 2022 වසරේදී සිය පියාව ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අයෙක් බව පොලිසිය සඳහන් කරනවා.

ඔහුගේ වැඩ තහනම්කර තිබී ඇත්තේ එම සිදුවීම මුල්කරගෙනයි.

මෙම සැකකරු සමඟ පොලිස් විශේෂ කාර්යාංශයේ සේවයේ නිරතව සිටි කොස්තාපල්වරයෙක් සම්බාහන මධ්‍යස්ථානයට ගොස් කාන්තාවන් තිදෙනා දූෂණය කිරීමට සම්බන්ධව ඇතැයි පැවසෙනවා.

සම්බාහන ආයතනයෙන් මේ ගැන බොරැල්ල පොලීසියට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් පැමිණෙන විට එම කොස්තාපල්වරයා සම්බාහන මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ලෙහි ඉහළ මහලෙන් බිමට පැන තිබෙනව‍ා.

එහිදී තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටි. 

ඔහුගේ වැඩ තහනම් කිරීමට පොලිස් විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පියවර ගෙන තිබෙනවා.

(source – hiru news)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *