Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය

7 months ago

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15)  ආරම්භ කෙරෙනවා.

පිටකොටුව බස් නැවතුම්පල මෙලෙස සංවර්ධනය කෙරෙන්නේ  වසර 60කට පසුවයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල ස්ථාපිත කෙරෙන්නේ 1964 වර්ෂයේදීයි.

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් අන්තර් පළාත් සහ නගරාන්තර බස් පර්යන්තයක් ලෙස දිනකට ගමන් වාර 1500ක් 2000ක් අතර ප්‍රමාණයක් මෙම බස් නැවතුම්පල මගින් සිදුකෙරෙනවා.

දෛනිකව ලක්ෂයකට පමණ පිරිසකට විවිධ ප්‍රදේශ කරා ප්‍රවාහන පහසුකම් සැපයෙන ප්‍රමුඛතම ප්‍රවාහන මධ්‍යස්ථානය වන්නේ ද මෙයයි.

දශක ගණනාවක් පුරා නිසි අලුත්වැඩියාවක් සිදුනොකිරීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොලෙහි ප්‍රවේශ මාර්ග,  බස් රථ අංගන,  මගී නැවතුම් , රියදුරු කොන්දොස්තර විවේකාගාර, පරිපාලන ගොඩනැගිලි, සනීපාරක්ෂක හා ජල අපවහන පද්ධති ඉතා අබලන් තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඒ හේතුවෙන් බස් නැවුතුම්පල භාවිත කරන මගී ජනතාව පත්ව සිටින්නේ දැඩි අපහසුතාවටයි.

ඒ අනුව වර්තමාන අවශ්‍යතාව හඳුනා ගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රුපියල් මිලියන 424ක් වැය කරමින් පිටකොටුව බස් නැවතුම්පල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද (15)  ආරම්භ කෙරෙනවා.

ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරුමය ශ්‍රම දායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *