පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) ආරම්භ කෙරෙනවා.
පිටකොටුව බස් නැවතුම්පල මෙලෙස සංවර්ධනය කෙරෙන්නේ වසර 60කට පසුවයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල ස්ථාපිත කෙරෙන්නේ 1964 වර්ෂයේදීයි.
කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් අන්තර් පළාත් සහ නගරාන්තර බස් පර්යන්තයක් ලෙස දිනකට ගමන් වාර 1500ක් 2000ක් අතර ප්‍රමාණයක් මෙම බස් නැවතුම්පල මගින් සිදුකෙරෙනවා.
දෛනිකව ලක්ෂයකට පමණ පිරිසකට විවිධ ප්‍රදේශ කරා ප්‍රවාහන පහසුකම් සැපයෙන ප්‍රමුඛතම ප්‍රවාහන මධ්‍යස්ථානය වන්නේ ද මෙයයි.
දශක ගණනාවක් පුරා නිසි අලුත්වැඩියාවක් සිදුනොකිරීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොලෙහි ප්‍රවේශ මාර්ග, බස් රථ අංගන, මගී නැවතුම් , රියදුරු කොන්දොස්තර විවේකාගාර, පරිපාලන ගොඩනැගිලි, සනීපාරක්ෂක හා ජල අපවහන පද්ධති ඉතා අබලන් තත්ත්වයකට පත්ව තිබෙනවා.
ඒ හේතුවෙන් බස් නැවුතුම්පල භාවිත කරන මගී ජනතාව පත්ව සිටින්නේ දැඩි අපහසුතාවටයි.
ඒ අනුව වර්තමාන අවශ්‍යතාව හඳුනා ගනිමින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රුපියල් මිලියන 424ක් වැය කරමින් පිටකොටුව බස් නැවතුම්පල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද (15) ආරම්භ කෙරෙනවා.
ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරුමය ශ්‍රම දායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි.

අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
රාජ්‍ය සේවය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
බලංගොඩ කස්සප හිමිට වරෙන්තු
2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට
ලාහෝර්හි දුමාරය හේතුවෙන් පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි වෙත මාරු කෙරේ
කඩුගන්නාවෙන් වසා දැමුණු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටස යළි විවෘත කෙරේ! වාහන ගමනාගමනයට සීමා!
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි