Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තලපති විජේයිගේ දේශපාලන රැලියකට සහභාගී වූ 39ක් මරුට! 46 රෝහලට!

7 months ago

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති ඉන්දීය නළු තලපති විජේගේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබෙන බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ සිදුවීමෙන් මියගොස් ඇති පිරිස අතරට ළමුන් 10ක්, කාන්තාවන් 17, පිරිමි 12 ඇතුළු පුද්ගලයින් 39ක් අයත් බවය.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද ඉන් 21කගේ තත්ත්වය බරපතළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

විජේගේ මෙම රැලිය සඳහා අවම වශයෙන් පුද්ගලයින් 30,000ක් පමණ එක්ව ඇති බවත් ඔවුන් අතර සිටි පුද්ගලයින් දැඩි තදබදය මත ක්ලාන්ත වී ඇති බවත් වාර්තා වේ.

රැලිය පෙරවරු 10.00 සිට පස්වරු 3 දක්වා පැවැත්වීමට අවසර ඉල්ලා ඇති අතර දහවල් 12.30 වන විට විජේ පැමිණෙන බවත් නිවේදනය කර ඇති අතර පෙරවරු 11.00 සිට සෙනග එක්රැස්වීමට පටන් ගෙන තිබුණු නමුත් ඔහු එම ස්ථානයට පැමිණ ඇත්තේ සවස 7.40ට ආසන්න වී බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ අපේක්ෂකයා වේදිකාවට පැමිණීමත් සමඟම විශාල පිරිසක් එකවර වේදිකාව දෙසට කඩාවැදීම හේතුවෙන් මෙම තෙරපීම ඇති වී ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *