ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති ඉන්දීය නළු තලපති විජේගේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබෙන බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරනවා.
එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ සිදුවීමෙන් මියගොස් ඇති පිරිස අතරට ළමුන් 10ක්, කාන්තාවන් 17, පිරිමි 12 ඇතුළු පුද්ගලයින් 39ක් අයත් බවය.
සිද්ධියෙන් තවත් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද ඉන් 21කගේ තත්ත්වය බරපතළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
විජේගේ මෙම රැලිය සඳහා අවම වශයෙන් පුද්ගලයින් 30,000ක් පමණ එක්ව ඇති බවත් ඔවුන් අතර සිටි පුද්ගලයින් දැඩි තදබදය මත ක්ලාන්ත වී ඇති බවත් වාර්තා වේ.
රැලිය පෙරවරු 10.00 සිට පස්වරු 3 දක්වා පැවැත්වීමට අවසර ඉල්ලා ඇති අතර දහවල් 12.30 වන විට විජේ පැමිණෙන බවත් නිවේදනය කර ඇති අතර පෙරවරු 11.00 සිට සෙනග එක්රැස්වීමට පටන් ගෙන තිබුණු නමුත් ඔහු එම ස්ථානයට පැමිණ ඇත්තේ සවස 7.40ට ආසන්න වී බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ අපේක්ෂකයා වේදිකාවට පැමිණීමත් සමඟම විශාල පිරිසක් එකවර වේදිකාව දෙසට කඩාවැදීම හේතුවෙන් මෙම තෙරපීම ඇති වී ඇති බවයි.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්