Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අගමැතිනි හරිනි ඉන්දියාවේදී දුන් පොරොන්දුව

21 hours ago

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ශ්‍රී ලංකා භූමිය පරිහරණය කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, සිය ඉන්දීය නිල සංචාරයට සමගාමීව ඇය ඉගෙනුම ලැබූ දිල්ලි හින්දු විද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේදීය.

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (16) දිනයේ රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කිහිපයකට ද එක්විය.

මෙම සංචාරයේ විශේෂ අවස්ථාවක් සටහන් කරමින් අගමැතිනිය ඇය ඉගෙනුම ලැබූ දිල්ලියේ හින්දු විද්‍යාලයේ සංචාරයකට ද එක්විය.

මේ අතර අගමැතිනිය අද (17) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

එමෙන්ම NDTV නාලිකාවේ සංවිධායකත්වයෙන් අද පස්වරුවේදී පැවැත්වෙන 2025 NDTV ලෝක සමුළුව ඇමතීමටත් අගමැතිනිය සූදානමින් පසුවෙයි.

මෙම සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, හිටපු බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක්, හිටපු ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබොට් ඇතුළු ආරාධිතයින් රැසක් එක්වීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *