ජොන්සන් & ජොන්සන් සමාගම විසින් අළෙවි කරන බේබි පවුඩර් තුළ පිළිකාකාරක ඇස්බැස්ටෝස් අඩංගු බවට චෝදනා කරමින් එක්සත් රාජධානියේදී ජොන්සන් & ජොන්සන් සමාගමට එරෙහිව වන්දි නඩුවක් ගොනු කර තිබෙනවා.
ඒ, සමාගම විසින් නිෂ්පාදිත පවුඩර් භාවිතා කල පාරිභෝගිකයන් 3000 ක පමණ පිරිසක් විසින්.
ඒ අතරින් කිහිපදෙනෙක් පසුකාලීනව විවිධ පිළිකා රෝගවලට ගොදුරු වූ පුද්ගලයන් බවත්, කලක් තිස්සේ මෙම පවුඩර් වර්ගය භාවිතා කිරීම නිසා ඔවුන් එම රෝගයට ගොදුරු වන්නට ඇති බව ඔවුන් විස්වාස කරන බවත් එමඟින් ඔවුන් පෙන්වා දී තිබෙනවා.
ජොන්සන් & ජොන්සන් බේබි පවුඩර් නිෂ්පාදනය කරනුයේ ඛණිජ ද්‍රව්‍ය පදනම් කරගනිමින් වන අතර, එහි ට්‍රෙමොලයිට් සහ ඇක්ටිනොලයිට් නම් ඛණිජ අඩංගු වනවා.
එම ඛණිජ වර්ග දෙක තන්තු ස්වරූපයෙන් පවතින විට ඇස්බැස්ටෝස් ලෙස වර්ගීකරණය කරන අතර ඇස්බැස්ටෝස් සෘජුවම පිළිකා හා සම්බන්ධ වෙනවා.
මෙම සමාගම 1960 සිට මෙම ඛණිජ වර්ග පවුඩර් තුළ අඩංගු බව දැනසිට ඇති බව මෙම නඩුව සඳහා ඉදිරිපත් කළ සමාගමේ අභ්‍යන්තර ලියකියවිලි කිහිපයකින් හෙළිදරව් වී තිබෙන අතර, එහෙත් ඒ බව සගවමින් සිය වෙළඳ ප්‍රචාරණ කටයුතු සිදුකර තිබෙන බව මොවුන් චෝදනා කරනවා.
ඒ අනුව, මෙම පාරිභෝගිකයන් විසින් සමාගමට එරෙහිව පවුම් මිලියනක පමණ වන්දියක් ඉල්ලා මෙලෙස නඩුව පවරා තිබෙනවා.
එක්සත් රාජධානියේ සමාගමකට එරෙහිව පැනවූ විශාලම හිමිකම් නඩුව මෙය වීමට හැකියාවක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට අමතරව, ඇමරිකානු එක්සත් ජනපදයෙත් ජෙන්සන් & ජොන්සන් සමාගමට එරෙහිව මේ ආකාරයටම පාරිභෝගිකයන් විසින් නඩුවක් පවරා තිබූ අතර, ඒ සඳහා පසුගිය 2016 වසරේ පෙබරවාරි 23 වැනිදා එරට අධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා තිබුණේ, මිලියන ගණනක වන්දියක් ලබා දෙන ලෙසයි.
ඒ, ජොන්සන් බේබි පවුඩර් භාවිතය හේතුවෙන් ඩිම්බකෝෂ පිළිකාවක් වැළදී මියගිය කාන්තාවක් වෙනුවෙන් අමෙරිකන් ඩොලර් මිලියන 72 ක මුදලක් ගෙවීමටයි.
මේ අතරේ, 2023 වසරේ සිට එක්සත් රාජධානියේ ටැල්ක් අඩංගු බේබි පවුඩර් විකිණීම තහනම් කර තිබෙනවා.