කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන 2025 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ (RPS) පැවැත්වෙන තරගය අයහපත් කාලගුණය හේතුවෙන් ඕවර ගණන අඩු කර තිබෙනවා.
ඒ අනුව, මෙම තරගය එක් ඉනිමක් සඳහා ඕවර 20 බැගින් ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
නව තීරණයට අනුව, තරගය අද රාත්‍රී 9:10ට නැවත ආරම්භ විය.