Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උසස් පෙළට හිතා මතා දුෂ්කර පාසල්වලට ගිහින් ඉවරයි! අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛයක්!

20 hours ago

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (G.C.E. A/L) සිසුන් පාසල්වලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් 2008/17 චක්‍රලේඛයේ උපදෙස්වලට අමතරව 2025/10/10 සිට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම චක්‍රලේඛය මගින් පහසුකම් සහිත දිස්ත්‍රික්කයක පාසලක සිට දුෂ්කර දිස්ත්‍රික්කයකට අයත් පාසලකට උසස් පෙළ හැදෑරීම සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කෙරෙනවා.

නව චක්‍රලේඛය මගින් ප්‍රථම වතාවට “තාවකාලික අනුයුක්තයක්” ලෙස සිසුන් පාසලකට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදය හඳුන්වා දී ඇති අතර, එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඇතැම් සිසුන් අඩු Z- ලකුණු මත විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමේ අරමුණින් හිතා මතාම දුෂ්කර පාසල් තෝරා ගැනීම වැළැක්වීමයි.

මෙවැනි වංචනික ක්‍රියා මගින් දුෂ්කර පාසල්වල සැබෑ සිසුන්ට වන අසාධාරණය නැති කිරීම මෙම නව රෙගුලාසියේ මූලික පදනම බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මෙම නව විධිවිධාන යටතේ, පහසුකම් සහිත දිස්ත්‍රික්කයක පාසලක සිසුවකු දුෂ්කර දිස්ත්‍රික්කයක පාසලකට උසස් පෙළ හැදෑරීම සඳහා ඉල්ලීමක් කළ විට, එම පාසලේ පුරප්පාඩු පවතින්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම අනුයුක්ත පදනමෙන් ඇතුළත් කරගත යුතුයි. නමුත් සිසුවාට ස්ථිර ඇතුළත් කිරීමක් වෙනුවට හිමි වෙන්නේ තාවකාලික අනුයුක්තයක් පමණයි.

මෙම අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියේ ඉතා වැදගත් කරුණක් ලෙස අධ්‍යාපන ලේකම්වරයාගේ චක්‍රලේඛයේ සඳහන් වන්නේ, මෙම සිසුවා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටිය යුත්තේ කලින් ඉගෙනුම ලැබූ පහසුකම් සහිත පාසලේ සිසුවකු ලෙස බවයි.

එපමණක් නොව, විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා Z-ලකුණු සලකා බැලීමේදී ද ඔහු අයත් වන්නේ පහසුකම් සහිත දිස්ත්‍රික්කයේ සිසුවෙකු ලෙස ය. මේ හේතුවෙන්, දුෂ්කර පාසලක ඉගෙන ගත්තද, විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී ඔහුට දුෂ්කර පාසලක සිසුවෙකුට ලැබෙන වාසිය අහිමි වෙනවා.

චක්‍රලේඛයේ දුෂ්කර යැයි සලකුණු ලබන දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇත්තේ නුවර එළිය, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමළය, මඩකලපුව, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *