චීනයට 500%ක් දක්වා තීරුබදු පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත බලය ලබා දීමට සෙනෙට් සභිකයින් 85 දෙනෙකු සූදානම් බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් බෙසන්ට් පවසනවා.
රුසියානු තෙල් මිලදී ගැනීම් අඛණ්ඩව සිදුකිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව ඊයේ (15) ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියා.
ගෝලීය තෙල් වෙළඳපොළට සහ ජාත්‍යන්තර වෙළඳාමටද එමගින් බලපෑම් ඇති කළ හැකි බව සඳහන් වනවා.
එවැනි ක්‍රියාමාර්ගවලින් චීනයෙන් ප්‍රතිචාර ලෙස පළිගැනීමේ තීරුබදු වැඩිකිරීමටත් සහ දැනටමත් බිඳෙනසුලු වී ඇති සැපයුම් දාම කඩාකප්පල් කිරීමටත් ඉඩ තිබෙන බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා.
රුසියානු යුධ කටයුතුවලට තල්ලුවක් ලැබෙන්නේචීනය විසින් රුසියානු තෙල් මිලදී ගැනීමෙන්බවට ට්‍රම්ප් පරිපාලනය මෙන්ම බෙසන්ට් ද අවධාරණය කරනවා.
චීනය රුසියානු බලශක්තියෙන්60%ක් මිලදී ගන්නා බවත්, ඉරාන බලශක්තියෙන් 90%ක් මිලදී ගන්නා බවත් බෙසන්ට් කියා සිටියා.
කෙසේ වෙතත්, වොෂින්ටනයේ යුරෝපීය මිත්‍ර පාක්ෂිකයින් එවැනි ක්‍රියාමාර්ගයකට සහභාගී විය යුතු බවට බෙසන්ට් පවසනවා.