ISIS විදේශීය අන්තවාදී ත්‍රස්ත සංවිධාන මෙරට ව්‍යාප්ත කිරීමට ආධාර අනුබල දෙමින්, ඒ සඳහා මුල්‍ය ආධාර ලබා දුන් බව කියන සැකකරුවන් 15 ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ (17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවේ දැන්වුවා.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරියා පැමිණිලි 15ක් ගොනු කරමින් මෙලෙස දන්වා සිටියා.
ත්‍රස්ත හා මුල්‍ය විමර්ශන අංශ ස්ථානාධිපති විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන කටයුතු සිදු කරන බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ,
පාස්කු ප්‍රහාරය එල්ල කර සංවිධාන සාමාජිකයන් හට අන්තවාදී දේශන පැවැත්වීම ඇතුළු ISIS සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා ආධාර අනුබල ලබාදීම සහ මූල්‍ය ආධාර ලබාදී ඇති බවටද තොරතුරු අනාවරණය වන බවයි විමර්ශන නිලධාරියා අධිකරණයට දන්වා සිටියේ,
මෙම සැකකරුවන් අතරින් ඇතැම් සැකකරුවන්ට පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කොට ඇති බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවා.
අල් කයිඩා හා අයි,එස්, අයි.එස් ත්‍රස්ත සංවිධාන වල දේශනා වලට සහභාගිවීම,එම ත්‍රස්ත සංවිධාන වලට මුදල් සැපයීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කරන බව පැවසුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.