Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිසිය තුළ යකා නැටූ හිටපු සභාපතිවරයෙක් අත්අඩංගුවට

1 day ago

මහ රෑ තම වාහනයෙන් ආණමඩුව පොලිසියට කඩා වැදි පොලිසියට කෑගසමින්, අශෝබන ලෙස හැසිරුණ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදාර මධුශංඛ පෙරේරා මහතා ආණමඩුව පොලිසිය මගීන් අද (16) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ නියෝජනය කරමින් ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන උදාර මධුශංඛ පෙරේරා නැමති අයෙක් වනවා.

හිටපු සභාපතිවරයා මධ්‍යම රාත්‍රියේ තම මෝටර් රථයෙන් ආණමඩුව පොලිස්ථානයට කඩා වැදි එහිදි මෝටර් රථය අධික ශබ්දයෙන් පණ ගන්වමින් අශෝබන ලෙස හැසිරි ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම සදහා ගිය පොලිස් නිළධාරීයකුටද අශෝබන ආකාරයෙන් බැන වැදි ඇති බව වාර්තා වනවා.

එහිදි අදාළ තැනැත්තාගේ ක්‍රියා කලාපයත්, අධික ලෙස බිමත්ව සිටිමත් යන කරුණු මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනිමට ආණමඩුව පොලිසිය කටයුතු කර තිබුණා.

අත්අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා මේ වන විටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ආණමඩුව ආසනයේ සංවිධායක ලෙස ක්‍රියාකාරි දේශපාලන චරිතයක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *