Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සැඟව සිටින අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් වීඩියෝ කෝල් එකක්

24 minutes ago

2015 සිදුවූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් සිදු කළා යැයි කියන සිද්ධියට අදාළව අවශ්‍යව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමඟ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය විසින් සිදුකළ වීඩියෝ දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් උවිඳු කුරුකුලසූරිය සඳහන් කර ඇත්තේ,

-උපුටා ගැනීම-

රනිල් ගෙනාපු මහ බැංකු අධිපති – බොන්ඩ් හොරා නොහොත් අර්ජුන මහේන්ද්‍රන් මේ මට දැන් කතා කරා අවුරුදු තුනකට පස්සෙ. ගොඩාක් දේවල් කිව්ව. මං අහගෙන හිටිය. මං ඇහැව්ව මචං පින්තූරයක් අරං ෆේස්බුක් දාන්නද කියල, ගනිං මචං දාපං කිව්ව. ඔන්න දැම්ම එහෙම නම්! අල්ලනව නම් අල්ලන්න අර්ජුනව. මට කිව්ව අනුරට උපදෙසක් දෙන්න කියල. ඒකට තමා අර්ජුන මට කතා කලේ. මං කිව්ව මං කාටවත් උපදෙස් දෙන්නෙ නැහැ කියල. රස කතා ගොඩයි. ඌයි මායි දන්නෙ අවුරුදු තිහකටත් පෙර සිට ඇත්ත හොරා රනිල්! [මං ඉතිං පාතාල, මිනීමරුවො, සල්ලි හොරු ඔක්කොමල ආශ්‍රය කරනවනෙ මං කරපු රස්සාව අනුව] තිරු/ නිරුපමා, ටිරාන් ඔක්කොම මහා පරිමාණ හොරුත් මගේ යාලුවො තමයි! මොනව කරන්නද මම දූෂණයට විරුද්ධව සටන් කරපු/ කරන/ මොඩියුල් හදල උගන්වන සහ උගන්වන කෙනෙක්නෙ! නොදන්න අය ඉගෙන ගන්න මං තමා ඩ්ව්ගෙ කෝප් රිපෝට් එක ගෙන්නගෙන මුල සිටම මේක එලිකලේ කියලත්! යනුවෙන්.

ඒ අනුව, වර්තමානය වන විට සිංගප්පූරුවට පලා ගොස් සිටින අර්ජුන් මහේන්ද්‍රන් මෙලෙස වසර තුනකට පසුව උවිඳු කුරුකුලසූරිය අමතා එම ඡායාරූපය ප්‍රසිද්ධියේ බෙදා ගැනීමට ඔහුට අවසර දුන් බව වාර්තා වනවා.

2015 වසරේ දී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අර්ජුන් මහේන්ද්‍රන් මුල් වරට මහ බැංකු අධිපති ලෙස පත් කරනු ලැබුවා.

ඔහු රටින් පිටව ගිය මොහොතේ රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට සඳහන් කර තිබුණේ, අර්ජුන් මහේන්ද්‍රන් විවාහ මංගල්‍යයකට සහභාගී වීමට සිංගප්පූරුවට ගොස් නැවත පැමිණෙන බවයි.

එහෙත් මේ වන තාක් හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට නොපැමිණි අතර, ජනාධිපතිවරණ ව්‍යාපාරය අතරතුර ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අර්ජුන් මහේන්ද්‍රන්ව නැවත මෙරටට ගෙන්වා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට පොරොන්දු වුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *