අනිද්දාට යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් ගමිබිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, පිටකොටුවේ සිට හැටන්, බදුල්ල, නුවරඑළිය, මස්කෙලිය, නානුඔය හා යාපනය ඇතුළු ප්‍රදේශවලට අද දිනයේ අතිරේක බස් රථ 75ක් යොදවා ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ.
එසේම, හෙට දිනයේදී අතිරේක බස් රථ 73ක් කොළඹ සිට එම ප්‍රදේශවලට යොදවා තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද හා හෙට සාමාන්‍ය පරිදි දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.
මේ අතර, දීපවාලි දිනය නිමිත්තෙන් ඊට පසුදින ඌව, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදී තිබෙනවා.