Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔබේ කිරිකැටි සිහිනය සැබෑ කර ගැනීමට රජයෙන් අත්වැලක්

2 days ago

ශ්‍රී ලංකාවේ රජයේ අංශයේ ප්‍රථම වතාවට ශරීරයෙන් පිටත කලල සංසේචනය (IVF – In Vitro Fertilization) සේවාව ආරම්භ කිරීමට කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල සූදානම් වෙමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසනවා.

මෙම සේවාව යටතේ මවගෙන් ලබාගත් ඩිම්බයක් සහ පියාගෙන් ලබාගත් ශුක්‍රාණුවක් විද්‍යාගාරයකදී එකතු කර කලළයක් වර්ධනය කර, එය මවගේ ගර්භාශයට තැන්පත් කිරීමේ ක්‍රියාවලිය සිදු කෙරෙනවා.

මෙය දිවයිනේ කිසිදු රාජ්‍ය රෝහලක මෙතෙක් නොතිබූ තාක්ෂණයක් වන අතර, පෞද්ගලික අංශයේදී මෙය සඳහා රුපියල් ලක්ෂ 20 සිට 30 දක්වා වියදම් වන බැවින්, රජයේ මෙම සේවාව මහජනතාවට විශාල සහනයක් වනු ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

මෙම වටිනා සේවාව අපේක්ෂාවෙන් දැනටමත් යුවළ 1,725ක් පමණ ලියාපදිංචි වී සිටින බවත්, මෙම යුවළ බොහෝ දෙනෙකු දිගුකාලීනව සිටින අප්‍රසූතික ගැටලු සමඟ පීඩා විඳිමින් සිටින අය වන අතර, රජයේ නොමිලේ හෝ අඩු වියදමින් මෙම සේවාව ලබාගැනීමෙන් ඔවුන්ගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් එක්වනු ඇති.

IVF ක්‍රියාවලිය යටතේ ඩිම්බය සහ ශුක්‍රාණු එකතු කිරීමෙන් පසු කලළය වර්ධනය වීමට දින 3-5ක් ගතවන අතර, එය ගර්භාශයට තැන්පත් කිරීමෙන් පසු සාර්ථකත්වය 30-40%ක් පමණ වේ.

මෙම තාක්ෂණය ලෝකයේ බොහෝ රටවල සාමාන්‍යකරණය වී ඇති අතර, ශ්‍රී ලංකාවේදී රජයේ මැදිහත්වීමෙන් එය මහජන සෞඛ්‍ය සේවාවේ කොටසක් බවට පත්වීම විශේෂයෙන්ම වැදගත්.

ව්‍යාපෘතිය දැනට අවසාන අදියරේ පවතින අතර, අවශ්‍ය උපකරණ සහ විද්‍යාගාරයේ සැකසුම් කටයුතු බොහෝ දුරට අවසන් බවයි අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.

එහිදී ඉහළ මට්ටමේ තාක්ෂණික උපකරණ භාවිතා කරමින්, වෛද්‍ය කණ්ඩායම් පුහුණු කිරීම්ද සිදුකර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය මහජන අයිතියට පත්වීමෙන් රටේ පවුල් සංවර්ධනයට ධනාත්මක බලපෑමක් එල්ල වනු ඇතැයි වෛද්‍ය විශේෂඥයින් පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *