කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (17 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මේ වන විට ප්‍රසාද ලකුණු 2ක් පමණක් හිමිකරගෙන ලකුණු සටහනෙහි 7වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා යම් බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමට නම් අද තරගය මෙන්ම ඉතිරි තරග යුගලය ද ජය ගැනීම අනිවාර්ය වේ.
අද තරගය යම් හෙයකින් පරාජය වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථීර වශයෙන්ම අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වනු ඇත.
අද තරගය ජය ගනිමින් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කර ජයග්‍රාහී මානසිකත්වයක් ලබා ගැනීමට අද අවස්ථාව උදා වී ඇති නමුත් ඒ සඳහා කාලගුණයෙන් ද යම් බලපෑමක් එල්ල වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා වැඩි ඉඩක් තිබූ නවසීලන්තය සමග තරගය ද වර්ෂාව හේතුවෙන් පසුගියදා අත් හැරීමට සිදු විය.