Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් සිසුන්

පළාත් දෙකක පාසල් සඳහා 21 වනදා විශේෂ පාසල් නිවාඩුවක්

20 hours ago

දීපවාලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ සියලුම දෙමළ පාසල් සඳහා ලබන 21 වැනිදා විශේෂ නිවාඩු දිනයක් ලබාදීමට මධ්‍යම පළාතේ ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් තීරණය කර තිබෙනවා.

එම නිවාඩුව වෙනුවෙන් ලබන 25 වැනි සෙනසුරාදා පාසල් පැවැත්විය යුතු බවටද මධ්‍යම පළාතේ ආණ්ඩුකරවරයා සියළුම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පරිපාලනය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. ගනේස්රාජ් විසින් වැවිලි සමාජ යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නිවාඩුව ලබා දී තිබෙනවා.

එමෙන්ම සබරගමුව පළාතේ දෙමළ පාසල් සඳහා දීපවාලි දිනට පසු දින එනම් 21 වන අඟහරුවාදා නිවාඩුවක් ලබා දීමට තීරණය කළ බව සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චාමර පමුණු ආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළේය.

නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් වැවිලි ප්‍රජා සංවර්ධන හා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා විසින් සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චාමර පමුණු ආරච්චි මහතාට ලබා දුන් උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇත.

දීපවාලි දිනට පසු දින එනම් 21 වන දින දෙමළ පාසල් සඳහා නිවාඩුවක් ලබා දෙන බැවින්, ඒ වෙනුවට 25 වන සෙනසුරාදා පාසල වසා දමන අතර, මේ සම්බන්ධයෙන් සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් චාමර පමුණු ආරච්චි මහතා ලිපියක් මගින් සබරගමුව පළාතේ සියලුම දෙමළ පාසල් වෙත දැනුම් දී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *