Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට පරිපාලන නිලධාරීන් පුහුණු කෙරේ

17 minutes ago

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවාගනු ලබන නවක නිලධාරීන් කාර්යක්ෂම ව කටයුතු කිරීමට සූදානම් කිරීමේ අරමුණින්, ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාවට අනුව අනිවාර්ය වන සේවාරම්භක පුහුණුව ලබා දීම, මේ දිනවල සිදු වේ.

මෙහි දී අධ්‍යාපන පද්ධතියට එක් වන නව නිලධාරීන්ට අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය වන පරිදි ඔවුන් බලගන්වමින් ලබා දෙන පුහුණුව මගින් ඉදිරි අධ්‍යාපන පරිපාලනය ශක්තිමත් කිරීමට මනා පිටුබලයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පුහුණු වැඩමුළුවට විවෘත සහ සීමිත පදනම මත බඳවා ගත් නිලධාරීන් 500ක් පමණ සම්බන්ධ ව සිටින අතර, විවෘත පදනමින් බඳවාගත් නිලධාරීන් මේ දිනවල ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) නේවාසික පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වී ඇත. සීමිත පදනම මත බඳවාගත් නිලධාරීහු මීපේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නේවාසික ව ආයතනගත පුහුණු වැඩසටහන් සම්පූර්ණ කරමින් සිටිති.

මෙම සේවාරම්භක පුහුණු වැඩසටහන තුළ අධ්‍යාපන පරිපාලන සේවයට අලුතින් එක් වන නිලධාරීන්ගේ නවෝත්පාදනමය ශක්‍යතා, ඉහළ නායකත්ව ලක්ෂණ, පුළුල් ධාරිතා ශක්තිය වැනි පෞරුණත්ව ගුණාංග ඉහළ නැංවීමේ පුහුණුවීම් මගින් අධ්‍යාපන පද්ධතියේ පරිපාලන කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය උසස් මට්ටමක් කරා රැගෙන යාම අරමුණු වී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, අධ්‍යාපන පරිපාලන සේවයේ ගුණාත්මක හා කාර්යක්ෂම භාවය වඩාත් ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමටත් සදාචාරවත් අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීමටත් මෙවැනි පුහුණු වැඩසටහන් මගින් වැඩි ඉඩකඩක් සැලසෙන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *