ගලෙන්බිඳුණුවැව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ සමන්ත නාමල් විජේරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කාර්යාංශයේ වත්කම් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වත්කම් බැරකම් සම්බන්ධව ලද චෝදනාවක් අනුවය.
හිටපු සභාපතිවරයා විසින් පසුගිය 2011-2016 දක්වා කාලයේදී ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇති අතර එම කාලය තුළදී වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු සභාපතිවරයා වෙත දන්වා තිබුණි.
කෙසේ නමුත් අදාළ කැඳවීමේ ලිපි මත හිටපු සභාපතිවරයා අල්ලස් කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් 2023 අංක 09 දරණ දුෂණ විරෝධි පනතේ 126 හා 127(1) (උ) වගන්තිය යටතේ විමර්ශනයට සහය නොදැක්විම යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා අද (24) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6-9 ශ්‍රේණිවල ඉගෙනුම් ක්රියාවලියෙහි වෙනස්කම් රැසක්! උගන්වනු ලබන විෂයන් හා එක් එක් විෂයෙහි සම්භාර අගයන් මෙන්න!
රියදුරු බලපත්‍ර ගාස්තුවේ වෙනසක්? මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්
තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී
අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී පොලිසියෙන් වෙඩි
සුළං සැරයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ත්‍රීරෝද රථ 2ක් ගැටී බිහිසුණු අනතුරක්! ගැබිනි මවක් ඇතුළු 4කට බරපතල තුවාල!
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට
ව්‍යාජ Whatsapp සමූහයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන තොරතුරු හෙළිවෙයි
දැන් ඇල්ල වංගුවෙන් ගුවන්ගත වෙන්න පුළුවන්. අඩි දාහක් පහළින් මෙට්ට දැම්මා නම් සම්පූර්ණයි- වෛද්‍ය පාලිත රාජපක්ෂ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික ශ්‍රේණි කාණ්ඩ කිරීමක්! උගන්වනු ලබන විෂයන් හා පාසල් පවත්වන වේලාව පිළිබඳ තොරතුරු මෙන්න!
සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් තැනැත්තාගෙන් හෙළිදරව්වක්