Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු අත්අඩංගුවට

1 day ago

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ සමන්ත නාමල් විජේරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කාර්යාංශයේ වත්කම් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වත්කම් බැරකම් සම්බන්ධව ලද චෝදනාවක් අනුවය.

හිටපු සභාපතිවරයා විසින් පසුගිය 2011-2016 දක්වා කාලයේදී ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇති අතර එම කාලය තුළදී වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු සභාපතිවරයා වෙත දන්වා තිබුණි.

කෙසේ නමුත් අදාළ කැඳවීමේ ලිපි මත හිටපු සභාපතිවරයා අල්ලස් කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් 2023 අංක 09 දරණ දුෂණ විරෝධි පනතේ 126 හා 127(1) (උ) වගන්තිය යටතේ විමර්ශනයට සහය නොදැක්විම යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා අද (24) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *