පසුගිය ආණ්ඩුව සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර සියගණනක් අත්තනෝමතික ලෙස අත්පත් කරගෙන ඇති බවට පවතින චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදුකරන බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූරවීර ආරච්චි විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් වන වඩිවේල් සුරේෂ්, සතාසිවම්, මහින්දානන්ද අලුත්ගමගේ, රංජිත් සියඹලාපිටිය සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇතුළු දේශපාලනඥයන් පිරිසක් මෙම ඉඩම් අත්පත් කරගෙන ඇති බව ප්රශ්නය යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර සඳහන් කළේය.
ප්රශ්නය යොමුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මෙසේ ද පැවසීය.
“නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට ජීවත්වීමට ඉඩම් නැහැ. පසුගිය රජය සමයේදී දේශපාලනඥයන්ට විශාල ඉඩම් ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා අඹගමුව, වේවැල්තලාව ප්‍රදේශයේ ඉඩම් අක්කර 50ක් අත්පත් කරගෙන තිබෙනවා. ඊට යාබදව පිහිටි ඉඩම් අක්කර 50 ක් හිටපු ලොතරැයි මණ්ඩල සභාපති උපාලි ලියනගේ මහතා විසින් අත්පත් කරගෙන තිබෙනවා. ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ තවත් දේශපාලනඥයන් කිහිපදෙනකු මේ ආකාරයෙන් ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා. ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් මහතා කොත්මලේ නැඟෙනහිර පොටෝස් වතුයායේ අක්කර 16ක ඉඩමක් අත්පත් කරගෙන තිබෙනවා. හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තලවකැලේ ප්‍රදේශයේ අක්කර 50ක ඉඩමක් අත්පත් කරගෙන තිබෙනවා. හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාගස්තොට ප්‍රදේශයේ ස්ථාන තුනක අක්කර 10 බැගින් ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා.”

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6-9 ශ්‍රේණිවල ඉගෙනුම් ක්රියාවලියෙහි වෙනස්කම් රැසක්! උගන්වනු ලබන විෂයන් හා එක් එක් විෂයෙහි සම්භාර අගයන් මෙන්න!
රියදුරු බලපත්‍ර ගාස්තුවේ වෙනසක්? මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්
තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී
අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී පොලිසියෙන් වෙඩි
සුළං සැරයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ත්‍රීරෝද රථ 2ක් ගැටී බිහිසුණු අනතුරක්! ගැබිනි මවක් ඇතුළු 4කට බරපතල තුවාල!
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට
ව්‍යාජ Whatsapp සමූහයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන තොරතුරු හෙළිවෙයි
දැන් ඇල්ල වංගුවෙන් ගුවන්ගත වෙන්න පුළුවන්. අඩි දාහක් පහළින් මෙට්ට දැම්මා නම් සම්පූර්ණයි- වෛද්‍ය පාලිත රාජපක්ෂ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික ශ්‍රේණි කාණ්ඩ කිරීමක්! උගන්වනු ලබන විෂයන් හා පාසල් පවත්වන වේලාව පිළිබඳ තොරතුරු මෙන්න!
සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් තැනැත්තාගෙන් හෙළිදරව්වක්