Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිතුමතේ අක්කර ගණනින් ඉඩම් බෙදා ගත් හිටපු ලොක්කන්ගේ නම් ලැයිස්තුවක් එළියට

1 day ago

පසු­ගිය ආණ්ඩුව සමයේ නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ ඉඩම් අක්කර සියගණ­නක් අත්ත­නෝ­ම­තික ලෙස අත්පත් කර­ගෙන ඇති බවට පව­තින චෝදනා සම්බ­න්ධ­යෙන් නිසි විම­ර්ශන සිදුකරන බව ඉඩම් හා වාරි­මාර්ග නියෝජ්‍ය අමාත්‍ය අර­වින්ද සෙන­රත් පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී මංජුල සූර­වීර ආරච්චි විසින් යොමු­කළ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා ඒ බව සඳ­හන් කළේය.

හිටපු පාර්ලි­මේන්තු මැති ඇමැ­ති­ව­රුන් වන වඩි­වේල් සුරේෂ්, සතා­සි­වම්, මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, රංජිත් සිය­ඹ­ලා­පි­ටිය සහ ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ හිටපු සභා­පති උපාලි ලිය­නගේ ඇතුළු දේශ­පා­ල­න­ඥ­යන් පිරි­සක් මෙම ඉඩම් අත්පත් කර­ගෙන ඇති බව ප්‍රශ්නය යොමුකර­මින් පාර්ලි­මේන්තු මන්ත්‍රී මංජුල සුර­වීර සඳ­හන් කළේය.

ප්‍රශ්නය යොමුකළ පාර්ලි­මේන්තු මන්ත්‍රී මංජුල සුර­වීර ආරච්චි මෙසේ ද පැව­සීය.

“නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ ජන­තා­වට ජීවත්වීමට ඉඩම් නැහැ. පසු­ගිය රජය සම­යේදී දේශ­පා­ල­න­ඥ­යන්ට විශාල ඉඩම් ප්‍රමා­ණ­යක් ලබාදී තිබෙ­නවා. හිටපු රාජ්‍ය අමාත්‍ය වඩි­වේල් සුරේෂ් මහතා අඹ­ග­මුව, වේවැ­ල්ත­ලාව ප්‍රදේ­ශයේ ඉඩම් අක්කර 50ක් අත්පත් කර­ගෙන තිබෙ­නවා. ඊට යාබ­දව පිහිටි ඉඩම් අක්කර 50 ක් හිටපු ලොත­රැයි මණ්ඩල සභා­පති උපාලි ලිය­නගේ මහතා විසින් අත්පත් කර­ගෙන තිබෙ­නවා. ඊට අම­ත­රව නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ තවත් දේශ­පා­ල­න­ඥ­යන් කිහිපදෙනකු මේ ආකා­ර­යෙන් ඉඩම් අත්පත් කර­ගෙන තිබෙ­නවා. ඒ අනුව, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සතා­සි­වම් මහතා කොත්මලේ නැඟෙ­න­හිර පොටෝස් වතු­යායේ අක්කර 16ක ඉඩ­මක් අත්පත් කර­ගෙන තිබෙ­නවා. හිටපු අමාත්‍ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහතා තල­ව­කැලේ ප්‍රදේ­ශයේ අක්කර 50ක ඉඩ­මක් අත්පත් කර­ගෙන තිබෙ­නවා. හිටපු අමාත්‍ය මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ මහතා නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ මාග­ස්තොට ප්‍රදේ­ශයේ ස්ථාන තුනක අක්කර 10 බැගින් ඉඩම් අත්පත් කර­ගෙන තිබෙ­නවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *