ලංකා බැංකුවට අනුබද්ධ නව තොරතුරු තාක්ෂණ සේවා ආයතනයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පාරිභෝගික අවශ්‍යතා හා ඉල්ලීම් නිරන්තරයෙන් වෙනස්වන පරිසරයක, බැංකු ක්ෂේත්‍රයේ තරගකාරීත්වය පවත්වා ගැනීම සඳහා තම ඩිජිටල් හැකියාවන් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව ලංකා බැංකුව හඳුනාගෙන ඇත.
එම නිසා, තොරතුරු තාක්ෂණ මෙහෙයුම් ප්‍රශස්ත කිරීම සහ ඩිජිටල් පරිවර්තනය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා තීරණයක් ගෙන ඇත.
ඒ අනුව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ විසඳුම් සහ සේවාවන් සැපයීමේ දක්ෂතා සහ සුදුසුකම් ඇති තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් සමන්විත නව ආයතනයක්, ලංකා බැංකුවට අනුබද්ධ ආයතනයක් ලෙස පිහිටුවීමට සැලසුම් කර තිබේ.
මේ සඳහා, 1992 දී පිහිටුවා 2007 වසරේදී මෙහෙයුම් කටයුතු අත්හිටුවනු ලැබූ ලංකා බැංකු කළමනාකරණ සහ සහාය සේවා (පුද්ගලික) සමාගම (BOC Management and Support Services (Pvt) Ltd.) ප්‍රතිස්ථාපනය කිරීමට යෝජනා වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබ ඇති කොන්දේසිවලට අනුකූලව, එම සමාගම ලංකා බැංකු තොරතුරු තාක්ෂණ විසඳුම් (පුද්ගලික) සමාගම (BOC IT Solutions (Pvt) Ltd.) නමින් ලංකා බැංකුවේ පුර්ණ අනුබද්ධිත ආයතනයක් වශයෙන් පිහිටුවීමට තීරණය වී තිබෙනවා.
මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

විජේ හමුවීමට චෙන්නායි ගිය මන්ත්‍රී අර්ච්චුනා
ඒකාබද්ධ විපක්ෂය මල් පාරේ සාකච්ඡාවක
වාහන බද්ද ගැන මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
පාපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකුට අඩි 15ක් ගැඹුරු දියවළකට වැටී දිවි අහිමි වෙයි
රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්
සාමකාමී විරෝධයට කඩා පැන්න සිද්ධියට පොලීසිය සමාව ගනී
මහ බැංකුවෙන් අලුත් වැඩක් අරඹයි
වනවාසල දුම්රිය අනතුර සිදුවූ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Meta AI පාවිච්චි කරන අයට WhatsApp වෙතින් තෑග්ගක්
අද සිට වාහන ආනයන රේගු බද්දට තවත් අතිරේක බද්දක්
සම්පත් බැංකුවෙන් විශේෂ නිවේදනයක්
අඩු පීඩන කලාපය තවදුරටත්! අද කාලගුණ අනාවැකිය මෙන්න!