දශක හයකට ආසන්න කාලයක් තමිල්නාඩුව පාලනය කළ ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ දෙක වන DMK සහ AIADMK පක්ෂවල මාරුවෙන් මාරුවට පැවති පාලනය අවසන් කරමින්, ‘තමිලග වෙට්ට්‍රි කසාගම්’ (TVK) නායක සුපිරි නළු විජේ අද (10) පෙරවරුවේ තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
ආසන 234 කින් යුත් මන්ත්‍රී මණ්ඩලයේ තේරී පත් වූ මන්ත්‍රීවරුන් 120 දෙනෙකුගේ සහාය ලබා ගැනීමෙන් පසු, තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලෙකර් විසින් විජේ මහ ඇමතිවරයා ලෙස නම් කර තිබුණා.
ඒ අනුව ඔහු අද පෙරවරු 10.00 ට චෙන්නායි හි නේරු ක්‍රීඩාංගණයේදී සිය ධුරයේ දිවුරුම් දුන් අතර, ජ්‍යෙෂ්ඨ TVK නායකයන් ඇතුළු තවත් අමාත්‍යවරුන් නව දෙනෙකු ද එහිදී දිවුරුම් දීමට නියමිතයි.
මැයි 13 වන දින හෝ ඊට පෙර සභාවේ විශ්වාසය පළ කරන ඡන්දයක් විමසන ලෙස ද ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්