Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අඩු පීඩන කලාපය තවදුරටත්! අද කාලගුණ අනාවැකිය මෙන්න!

13 hours ago

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රියව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (16) පෙරවරුවේ නිවේදනය කළේය.

මෙම අඩු පීඩන පද්ධතියේ ඉදිරි හැසිරීම, එහි වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබඳව තමන් නිරන්තරයෙන් සහ දැඩි අවධානයෙන් පසුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර පහත සඳහන් ප්‍රදේශවලට කාලගුණයෙන් බලපෑම් එල්ල විය හැකිය:

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.ඉහත සඳහන් කළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.අනුරාධපුර දිස්ත්‍රික්කයට වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳව විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *