Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාහන බද්ද ගැන මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

11 minutes ago

වාහන ආනයනය මත පැනවූ 50%ක අධිභාරය ගැන මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළා.

ඒ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය මාස දෙකක කාලය තුළ ආනයන වියදම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව රට තුළ පවතින සංචිත කළමනාකරණය කර ගැනීම සඳහා මාස 2ක් සඳහා මෙම පියවර ගත් බව‍යි.

කෙසේ නමුත් මෙහිදී වාහන ආනයනය තහනම් කිරීමක් හෝ සීමා කිරීමක් සිදු කර නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා මාස තුනක කාලයක් මෙම පියවර ගෙන ඇති නමුත් යම් අයෙකුට මේ අවස්ථාවේදී වාහනයක් ගෙන්වීමට අවශ්‍ය වන්නේ නම් එම අධිභාරයට යටත් වීමට සිදුවනු ඇති බවද පෙන්වා දුන්නා.

ඒ අනුව පියවර මාස 3ක කාලයක් සඳහා පමණක් යොදා තිබෙන බැවින් ආනයනය කරනු ලබන වාහන මාස 3ක් දක්වා කල් දැමීමට පියවර ගත හැකි බවද ඔහු කිය සිටියා.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

“අපිට අභියෝගයක් තියෙනවා ආනයනය සඳහා පසුගිය මාස දෙකේ ඩොලර් බිලියන 2කට වඩා පසුගිය මාස 2 වැඩිවෙලා තිබෙනවා. වාහන ආනයනයේදීත් සෑහෙන වේගයෙන් පසුගිය කාලයේ LC විවෘත වුණා. අපි තීන්දුවක් ගත්තා. මේ තීන්දුවෙදි කරන්නේ පුද්ගලික පරිහරණය කිරීම සඳහා භාවිත කරන වාහන ආනයනය කිරීමේදී මාස 3ක කාල සීමාව සඳහා අපි බදු වැඩිකරනවා. අරමුණ බවට පත්වෙන්නේ ඒ මාස 3ක කාල සීමාව සඳහා පුද්ගලික පරිහරණය කරන වාහන ආනයනය කරන වාහන ඔබට පුළුවන් නම් පමා කරන්න කියන පණිවිඩය මේ දෙන්නේ. මිල වැඩි කිරීම නෙමෙයි. තහනම් කළානම් මොකද වෙන්නේ අත්‍යවශ්‍ය කෙනෙකුට ගෙන්න ගන්න බැරිවෙනවා මොකක්ද අපි පැනෙව්වේ වාහන ආනයනය කිරීමේදී තියන තීරු බද්ද  30%යි ඒ 30%න් 50%ක් ඒ කියන්නේ 30%න් 50ක් කියන්නේ 15%යි වැඩිවෙන්නේ. 50%කින් වාහන මිල ඉහළ යනවායි කියන එක සම්පූර්ණ මිත්‍යාවක්. එහෙම වෙන්නේ නෑ. වැඩි වුණෙත් වැඩිවෙන්නේ 15%කින් ඒ වැඩිවීමක් සිද්ධ වෙන්නේ කාට හෝ පරිභෝජනය මාස 3කට කල් දරාගෙන ඉන්න බැරි අය විතරක් මේක ගෙවන්න සිද්ධ වෙනවා. ඒක පොදුවේ වෙළෙඳපොළේ මිලට බලපාන්නේ නෑ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *