තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ චෝදනාව මත දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින චීවරධාරීන් 23 දෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි කැමැත්තෙන් උපැවිදි වන ලෙස ත්‍රෛනිකායික මහා ලේඛකාධිකාරී හිමිවරුන් විසින් ඉල්ලීමක් කර තිබේ.
මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ-අමරපුර යන ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් එක්ව මෙම තීරණය ගෙන ඇති බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ සනාථ කළහ.
වෙල්ලස්ස, බින්තැන්න, නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ සරණංකර දේවරක්ඛිත පූජ්‍ය මහඔය ජිනරතන ස්වාමීන් වහන්සේ පිළිගැනීම සඳහා පසුගියදා (14) පැවැති පුණ්‍ය මහෝත්සවයකට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව අනාවරණය කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ පවසා සිටියේ එම චීවරධාරීන්ට කැමැත්තෙන් සිවුරු අත්හරින ලෙස යෝජනා කළ බවත් නිර්දෝෂී වුවහොත් යළි පැවිදි කිරීමට අවසර ලබාදෙන බවත් පැවසූ බවයි.

විජේ හමුවීමට චෙන්නායි ගිය මන්ත්‍රී අර්ච්චුනා
ඒකාබද්ධ විපක්ෂය මල් පාරේ සාකච්ඡාවක
වාහන බද්ද ගැන මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
පාපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකුට අඩි 15ක් ගැඹුරු දියවළකට වැටී දිවි අහිමි වෙයි
රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්
සාමකාමී විරෝධයට කඩා පැන්න සිද්ධියට පොලීසිය සමාව ගනී
මහ බැංකුවෙන් අලුත් වැඩක් අරඹයි
වනවාසල දුම්රිය අනතුර සිදුවූ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Meta AI පාවිච්චි කරන අයට WhatsApp වෙතින් තෑග්ගක්
අද සිට වාහන ආනයන රේගු බද්දට තවත් අතිරේක බද්දක්
සම්පත් බැංකුවෙන් විශේෂ නිවේදනයක්
අඩු පීඩන කලාපය තවදුරටත්! අද කාලගුණ අනාවැකිය මෙන්න!