දෙමළ ජනතාව වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමැති හඬ අවදි කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ප්‍රකාශ කර තිබේ.
තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ (තලපති විජේ) හමුවීම සඳහා මේ දිනවල චෙන්නායි නුවරට ගොස් සිටින මන්ත්‍රී අර්ච්චුනා, TVK අමාත්‍ය රාජ්මෝහන් මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන්කර ඇත.
කෙසේ නමුත් මේ දක්වා ඔහුට විජේ හමුවීමට අවස්ථාවක් ලැබී නොමැති බව වාර්තා වේ.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී අර්ච්චුනා මහතා,
“මට මහ ඇමැති විජේ මහතා හමුවෙන්න හැකිවෙයි කියලා ලොකු විශ්වාසයක් නැහැ.
විජේ මහතා තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම්දෙන අවස්ථාව සජීවීව දැකබලා ගන්න මට ලොකු ආසාවක් තිබුණා. නමුත් ඒ දවස්වල ලංකා පාර්ලිමේන්තුවේ කටයුතුවල නිරතව සිටි නිසා එය දැකබලා ගැනීමට නොහැකි වුණා.
තමිල්නාඩු ජනතාව ඓතිහාසික දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවර ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි වෙනසක් සිදුවිය නොහැකි බව ප්‍රබල දේශපාලන විචාරකයින් පැවසුවා. නමුත් මම දිගින් දිගටම කියා සිටියේ මෙවැනි වෙනසක් සිදුවන බවයි “ යනුවෙන් ඔහු පැවසීය.
දෙමළ ජනතාව වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමැති හඬ අවදි කළ යුතු බවද ඔහු මෙහිදී පවසා තිබේ.

ඒකාබද්ධ විපක්ෂය මල් පාරේ සාකච්ඡාවක
වාහන බද්ද ගැන මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
පාපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකුට අඩි 15ක් ගැඹුරු දියවළකට වැටී දිවි අහිමි වෙයි
රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්
සාමකාමී විරෝධයට කඩා පැන්න සිද්ධියට පොලීසිය සමාව ගනී
මහ බැංකුවෙන් අලුත් වැඩක් අරඹයි
වනවාසල දුම්රිය අනතුර සිදුවූ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Meta AI පාවිච්චි කරන අයට WhatsApp වෙතින් තෑග්ගක්
අද සිට වාහන ආනයන රේගු බද්දට තවත් අතිරේක බද්දක්
සම්පත් බැංකුවෙන් විශේෂ නිවේදනයක්
අඩු පීඩන කලාපය තවදුරටත්! අද කාලගුණ අනාවැකිය මෙන්න!
මත්ද්‍රව්‍ය සිදුවීමට අදාළ චීවරධාරීන්ගෙන් ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් කළ ඉල්ලීම