රාජ්‍ය ආයතනවල තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ දේශපාලන පක්ෂය නොව, ඔවුන් සතු හැකියාව සහ දක්ෂතාවය පමණක් සලකා බලන නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ලේකම්වරයා අවධාරණය කළේ, රජයේ ආයතනවල තනතුරු තම පක්ෂයේ හිතවතුන්ගෙන් පුරවා ගැනීමේ පැරණි සංස්කෘතිය වත්මන් රජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.
“අපි බලයට ආවේ රාජ්‍ය ආයතනවල තනතුරු ඔක්කොටම අපේ පක්ෂයේ කට්ටිය දාගන්න නෙවෙයි. අපිට ඕන කරන්නේ ඒ තැන්වලට හැකියාව තියෙන අය දාගන්න. එතකොට අපි එයාගේ දේශපාලන පක්ෂය මොකක්ද කියලා හොයන්න යන්නේ නැහැ,” යැයි ඔහු සඳහන් කළේය.
වර්තමාන රජය යටතේ ක්‍රිකට් කමිටුව වැනි ආයතන සඳහා දක්ෂ පුද්ගලයන් පත් කර ඇති ආකාරය මෙහිදී නිදසුන් ලෙස පෙන්වා දුන් ඒ මහතා, ඕනෑම ක්ෂේත්‍රයක සිටින දක්ෂතම පුද්ගලයාගේ සහාය ලබා ගැනීම රජයේ මූලික ප්‍රතිපත්තිය බව කියා සිටියේය.
රජයක් ලෙස සියලු දේ තමන් පමණක් දන්නා බව සිතීම මුලාවක් බවත්, ඒ ඒ විෂය පථයන්හි නිපුණතාවයක් ඇති අයගේ දායකත්වය රට ගොඩනැගීමේ කාර්යයට අත්‍යවශ්‍ය බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට