Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පියාව ඝාතනය කළ අජාසත් පුතුට මරණ දණ්ඩනය නියම කරයි

6 months ago

සිය පියාට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ත්‍රීරෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (18) මරණ දණ්ඩනය නියම කළා.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු වන මොහොමඩ් හුසේන් මොහොමඩ් සදාස් නමැති විත්තිකරුට මෙලෙස අධිකරණය මඟින් මරණ දඬුවම නියම වුණා.

මරණයට පත් වූ තැනැත්තා වයස අවුරුදු 79 ක පුද්ගලයෙකි.

විත්තිකරු විසින් සිය පියාට පහර දී ඝාතනය කිරීම චේතනාන්විතව සිදුකර ඇති බවට නිගමනය කරමින් මෙන්ම පැමිණිල්ල විසින් සියලු චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවට නිගමනය කරමින් විත්තිකරු වරදකරු කරමින් මෙලෙස දඬුවම් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කළා.

ඉකුත් 2016 නොවැම්බර් මස 28 වන දින වැල්ලම්පිටිය විවේකාරාම මාවතේ පිහිටි නිවාස තුළ දී ඔහුගේ පියාගේ හිසට යකඩ පෝල්ලකින් පහර දී ඔහු බිම වැටුණු පසුත් එම පුද්ගලයට නැවත යකඩ පොල්ලෙල් පහර දී ඔහුගේ ඉල ඇට කඩා දමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් 2020 වසරේ දී අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබිණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *