සිය පියාට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ත්‍රීරෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඊයේ (18) මරණ දණ්ඩනය නියම කළා.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු වන මොහොමඩ් හුසේන් මොහොමඩ් සදාස් නමැති විත්තිකරුට මෙලෙස අධිකරණය මඟින් මරණ දඬුවම නියම වුණා.
මරණයට පත් වූ තැනැත්තා වයස අවුරුදු 79 ක පුද්ගලයෙකි.
විත්තිකරු විසින් සිය පියාට පහර දී ඝාතනය කිරීම චේතනාන්විතව සිදුකර ඇති බවට නිගමනය කරමින් මෙන්ම පැමිණිල්ල විසින් සියලු චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවට නිගමනය කරමින් විත්තිකරු වරදකරු කරමින් මෙලෙස දඬුවම් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කළා.
ඉකුත් 2016 නොවැම්බර් මස 28 වන දින වැල්ලම්පිටිය විවේකාරාම මාවතේ පිහිටි නිවාස තුළ දී ඔහුගේ පියාගේ හිසට යකඩ පෝල්ලකින් පහර දී ඔහු බිම වැටුණු පසුත් එම පුද්ගලයට නැවත යකඩ පොල්ලෙල් පහර දී ඔහුගේ ඉල ඇට කඩා දමා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් 2020 වසරේ දී අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබිණා.

වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!
අස්වැසුම අහෝසි කිරීමට රජයට යෝජනාවක්
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ