විදේශීය සංචාරක කාන්තාවන් දෙදෙනෙකුට තම රහස් අවයවය පෙන්වා ලිංගික අතවරයක් කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරද පිළිගත් මාවතගම ත්‍රිරෝද රථ රියැදුරෙකුට පිලැස්ස මහේස්ත්‍රාත් දසනායක මහත්මිය විසින් ඊයේ (24) වසර 10කට අත්හිටවූ මාස 6ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර තිබෙනවා.
එමෙන්ම ඔහුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට එහිදී නියෝග කෙරුණා.
අතවරයට ලක්වූ විදේශීය කතුන් දෙදෙනා සඳහා රුපියල් ලක්ෂ එකහමාර බැගින් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවන ලෙසට සහ අදාළ චෝදනා දෙක සඳහා රුපියල් එක්දහස් පන්සීය බැගින් වූ දඩ මුදල් දෙකක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියම කළා.
මාවතගම බරන්දන පාරේ පදිංචි 33 හැවිරිදි අවිවාහක ත්‍රිරෝද රථ රියැදුරෙකුට මෙම දඬුවම් නියම කරනු ලැබුවා.
මෙරට සංචාරය සඳහා පැමිණි විදේශීය කාන්තාවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් කුරුණෑගල හරහා මහනුවරට ගමන් කරමින් සිටියදී සැකකරු විදේශීය කාන්තාවන්ට තම නිරුවත පෙන්වා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.
නෙදර්ලන්ත කාන්තාවන් දෙදෙනෙකු කුරුණෑගල – පරගහදෙණිය – මාවතගම මාර්ගයේදී එම සිදුවීමට මුහුණ දී තිබුණේ පසුගිය 4 වැනිදායි.
අනතුරුව එක් විදේශීය කාන්තාවක් මෙම සිදුවීම ජංගම දුරකථනයකින් පටිගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් ඇතිවූ ආන්දෝලනයකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී, ඔහු තම ත්‍රිරෝද රථයද සමග මහනුවර සංචාරක පොලිස් කොට්ඨාසය වෙත භාර වී තිබෙනවා.
විදේශීය කතුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර සංචාරක පොලිස් කොට්ඨාසය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා.

අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි
මහවැලි ගඟ අවට පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
මාඔයේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවෙයි
රුමේෂ් තරංග ක්‍රීඩාවට සමුදෙන දිනය
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හරහා නිල් වරෙන්තු
ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු