Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදෙස් කතුන් දෙදෙනෙකුට අවයව පෙන්වූ සැකකරුට ලැබුණු දඬුවම

1 week ago

විදේශීය සංචාරක කාන්තාවන් දෙදෙනෙකුට තම රහස් අවයවය පෙන්වා ලිංගික අතවරයක් කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරද පිළිගත් මාවතගම ත්‍රිරෝද රථ රියැදුරෙකුට පිලැස්ස මහේස්ත්‍රාත් දසනායක මහත්මිය විසින් ඊයේ (24) වසර 10කට අත්හිටවූ මාස 6ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර තිබෙනවා.

එමෙන්ම ඔහුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට එහිදී නියෝග කෙරුණා.

අතවරයට ලක්වූ විදේශීය කතුන් දෙදෙනා සඳහා රුපියල් ලක්ෂ එකහමාර බැගින් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවන ලෙසට සහ අදාළ චෝදනා දෙක සඳහා රුපියල් එක්දහස් පන්සීය බැගින් වූ දඩ මුදල් දෙකක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියම කළා.

මාවතගම බරන්දන පාරේ පදිංචි 33 හැවිරිදි අවිවාහක ත්‍රිරෝද රථ රියැදුරෙකුට මෙම දඬුවම් නියම කරනු ලැබුවා.

මෙරට සංචාරය සඳහා පැමිණි විදේශීය කාන්තාවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් කුරුණෑගල හරහා මහනුවරට ගමන් කරමින් සිටියදී සැකකරු විදේශීය කාන්තාවන්ට තම නිරුවත පෙන්වා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

නෙදර්ලන්ත කාන්තාවන් දෙදෙනෙකු කුරුණෑගල – පරගහදෙණිය – මාවතගම මාර්ගයේදී එම සිදුවීමට මුහුණ දී තිබුණේ පසුගිය 4 වැනිදායි.

අනතුරුව එක් විදේශීය කාන්තාවක් මෙම සිදුවීම ජංගම දුරකථනයකින් පටිගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් ඇතිවූ ආන්දෝලනයකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී, ඔහු තම ත්‍රිරෝද රථයද සමග මහනුවර සංචාරක පොලිස් කොට්ඨාසය වෙත භාර වී තිබෙනවා.

විදේශීය කතුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර සංචාරක පොලිස් කොට්ඨාසය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *