සබරගමුව විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යව හා ශාරිරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ අවසන් වසරේ සිසුවකු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක නිදා සිටියදීම අද (21) අලුයම මරණයට පත්ව ඇති බව වාර්තාවේ.
මෙසේ මියගොස් ඇත්තේ හර්ෂ ධනංජය නමැති බණ්ඩාරගම මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
මියයන විට 25 හැවිරිදි වියෙහි පසුවූ ඔහු විශ්ව විද්‍යාලයේ කබඩි කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කර ඇති ක්‍රීඩාවට දස්කම් දැක්වූ අයෙකි.
මේ දිනවල සබරගමුව විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන අවසන් වසරේ විභාගයටද පෙනී සිට ඇති ඔහු නේවාසිකාගාරයේ නිදා සිටියදී සිහිසුන් ආකාරයට සිටිනු දුටු අනෙක් සිසුන් ඔහු විශ්ව විද්‍යාලය ආසන්නයේම පිහිටි පඹහින්න රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වනවිටද මරණයට පත්ව සිටි බව පැවසේ.
මරණයට හේතුව අනාවරණය වී නැති අතර දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත.

ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දින වකවානු පිළිබඳව ඉඟියක්
රන් ණය සහ උකස් පහසුකම් සඳහා මහ බැංකුවෙන් සීමා පනවයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි
පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්
ශ්‍රී ලංකාව පරදා හොංකොං පිල ලැබූ රග්බි ජය
දුම්රිය එන්ජිමක් පීලි පනී
මහනුවර මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකු තුවාල
සජිත්ගෙන්, ජනපති අනුරට විශේෂ දුරකථන ඇමතුමක්