ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයකු වශයෙන් පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.
පසුගිය සිකුරාදා (22) රැස්වූ ව්‍යවස්ථාදායක සභාව මෙම අනුමැතිය ලබා දී ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ නිර්දේශය සලකා බැලීමෙන් අනතුරුවයි.
අගවිනිසුරුට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයා වන කෝදාගොඩ, ඒ සඳහා පත් කෙරෙනුයේ අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයකුව සිටි හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේරාජා විශ්‍රාම යාමෙන් පසුව ඇති වූ පුරප්පාඩුව සඳහායි.
රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක්වූ ඔහු, එහි ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුව සිටියදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පදවියට පත්වීම් ලැබූ අතර, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු වශයෙන් පත්වීම් ලැබුවා.

ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දින වකවානු පිළිබඳව ඉඟියක්
රන් ණය සහ උකස් පහසුකම් සඳහා මහ බැංකුවෙන් සීමා පනවයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි
පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්
ශ්‍රී ලංකාව පරදා හොංකොං පිල ලැබූ රග්බි ජය
දුම්රිය එන්ජිමක් පීලි පනී
මහනුවර මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකු තුවාල
සජිත්ගෙන්, ජනපති අනුරට විශේෂ දුරකථන ඇමතුමක්
මෙවර LPL තරගාවලියට ඉන්දියානු ක්‍රීඩකයින් ගණන 12ක්