මේ වසරේ දර්ශනය වීමට නියමිත ප්‍රධාන උල්කාපාත වර්ෂාවලින් එකක් අද සහ හෙට රාත්‍රියේ දර්ශනය වන බව ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය පවසයි.
හෙට අලුයම 4ත් 5ත් අතර ඊසානදිග අහසේ පැයකට උල්කා 80ක් පමණ දැකගත හැකි බවයි එහි සභාපති මහචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්නූ ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානයේ සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න මහතා,
“2026 නව වසරේ තාරකා විද්‍යාත්මක වශයෙන් වැදගත් සිදුවීම් කිහිපයක් තිබෙනවා. දැන් ජනවාරි මාසේ ගත්තොත් විශේෂයි. දැන් මේ සුපිරි හඳක් ගැන අපි කතා කරනවා බොහෝ දෙනෙක්. ඊට අමතරව ජනවාරි තුන, හතර, සෙනසුරාදා, ඉරිදා දවස්වල රාත්‍රී අහස බැලුවොත් ප්‍රධාන උල්කා වර්ෂාවලින් එකක් අපිට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳටම බලාගන්න නම් අලුයම, හතර, පහ, හය වගේ කාලය තුළ හතරයි, පහයි අතර මේ ඊසානදිග පැත්තට තමයි මේ මේවා එනවා අපේ උල්කා සාමාන්‍යයෙන් පැයකට අසූවක් විතර අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේක ඇවිල්ලා මේ ධූමකේතුවක හැදුණු කොටස් නෙමෙයි. මේ ග්‍රාහකයින් ආපු කොටස් වශයෙන් තමයි හඳුන්වන්නේ.”
“ඊළඟට අපි ගත්තොත් එහෙම ජනවාරි තුන තවත් විශේෂත්වයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ අවුරුද්දේ පොහොයවල් දොළහක් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මාසෙට එකයිනේ. පෝයවල් දහතුනක් තියෙනවා. මැයි මාසේ දෙකක් තිබෙනවා. එතකොට මේ ජනවාරි මාසේ තියෙන්නේ එක පොහොයයි. ඒ පොහොය චන්ද්‍රයා අනිත් දිනවලට වැඩිය වැඩියෙන් දීප්තියක් පේනවා. ඒ නිසා බොහෝ අය කියන්නේ සුපිරි චන්ද්‍රයා කියලා. එතකොට සාමාන්‍යයෙන් වෙනදට දකිනවට වැඩිය සියයට දාහතරක් විතර ලොකුවටත්, සියයට තිහක් විතර දීප්තිමත්ව පෙනෙනවා. මේ ඒක පුරුදු කෙනෙකුට තමයි බලාගන්න පුළුවන්. ඉතින් මේ චන්ද්‍රයා පායනවත් එක්කම මේක බලන එක හුඟක් හොඳයි. චන්ද්‍රයා පෘථිවියට ඉතාම කිට්ටු වෙනවා. තුන්වෙනිදා, දවල් ලංකා වෙලාවෙන් දවල් තුනයි තිස් දෙකට. ඉතින් ඒ නිසා ඒ කිට්ටුවම තියෙන අවස්ථාවකදී ම් පුරහඳ ඇති වුනොත්, පොහොයක් ඇති උනොත් එතකොට මේ චන්ද්‍රයා ටිකක් ලොකුවට පේනවා. සාමාන්‍යයෙන් චන්ද්‍රයා පෘථිවිය වටේ. ගමන් කරන්නේ කිලෝමීටර් තුන්ලක්ෂ අසූ හතර දාහක විතර දුරකින්. ඉලිප්සාකාර මාර්ගයක. මේ ඉලිප්ශේ ළඟටම එන පෘතුවිය ළඟටම එන අවස්ථාවකදී මේ පුරහද ඇති වුණොත් එවිට මේක සුපිරි චන්ද්‍රයා දිස්වෙනවා.”

වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්