Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි

5 minutes ago

හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාරතාි කරනවා.

දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේප්හි මඩන්සේන් ප්‍රදේශයේ පිහිටා ඇති ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඔහු සිය මෝටර් රථයේ අසුනගෙන ගේට්ටුව විවෘත වන තෙක් බලා සිටි අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන්.

වෙඩික්කරුවන් විසින් ඔහු සමඟ සිටි කාන්තාව ඉලක්ක කර කිහිප වතාවක් වෙඩි තබා ඇති බව ද වාර්තා වනවා.

ප්‍රහාර වලින් තුවාල ලැබූ ඇය මේ වනවිට රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරත් වාර්තා කරන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *